සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:36
وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
තවද මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව (එව්වෙමු.) එවිට මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද පරමාන්ත දිනය අපේක්ෂා කරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස නොසැරිසරනු යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
මද්යන් වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමාව එව්වෙමු. එවිට එතුමා, "අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. නුඹලාගේ නැමදුම් තුළින් මතුලොව දිනයේ ප්රතිඵල පමණක් අපේක්ෂා කරනු. පාපකම් සිදු කරමින් ඒවා පතුරුවාලමින් මහපොළොවේ කලහකම් සිදු නොකරනු." යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න