සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:33

وَلَمَّا أَنْ جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ ۖ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ

තවද අපගේ දූත වරුන් ලූත් වෙත පැමිණි විට ඔවුන් හේතුවෙන් ඔහු දුකට පත් විය. තවද ඔවුන් හේතුවෙන් හදවත පීඩනයට පත් විය. තවද ඔබ බිය නොවනු. ඔබ දුක් නොවනු. නියත වශයෙන්ම ඔබගේ බිරිය හැර ඔබ හා ඔබගේ පවුලේ අය අපි මුදවාගන්නෝ වෙමු. ඇය පසුබැස්සවුන් අතුරින් වූවාය යැයි පැවසූහ.

තෆ්සීර්

අපි එවූ මලක්වරුන් ලූත්ගේ සමූහයා විනාශ කිරීමට ලූත් වෙත පැමිණි කල්හි ඔහුගේ ජනයාගේ කිලිටි සිරිත ඔවුන් මත ද වනු ඇතැයි බියෙන් ඔවුන්ගේ පැමිණිම ගැන ඔහුට නපුරක් විය. එය ඔහු දුකට පත් කළේය. සැබැවින්ම එම මලක්වරුන් පිරිමින්ගේ හැඩරුවෙන් පැමිණියේය. කාන්තාවන්ගෙන් තොරව පහස විදීම සඳහා ඔවුහු පිරිමින් වෙත පැමිණියෝය. මලක්වරුන් ඔහුට, "නුඹ බිය නොවනු. මාගේ ජනයා නුඹ වෙත නපුරක් ගෙන දෙන්නේ නැත. ඔවුන් විනාශ කිරීම ගැන අපි නුඹට දැනුම් දී තිබීම ගැන නුඹ දුක් නොවනු. සැබැවින්ම අපි නුඹ ව හා නුඹේ පවුල විනාශයෙන් මුදවා ගන්නන් වෙමු. නමුත් නුඹේ බිරිය හැර ඇය විනාශ වන්නන් අතරින් වන්නීය. අපි ඔවුන් සමගම ඇයව ද විනාශ කරන්නෙමු."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න