සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:32

قَالَ إِنَّ فِيهَا لُوطًا ۚ قَالُوا نَحْنُ أَعْلَمُ بِمَنْ فِيهَا ۖ لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ

නියත වශයෙන්ම එහි ලූත් සිටින්නේ යැයි ඔහු(ඉබ්‍රාහීම්) පැවසීය. එහි සිටින්නේ කවරෙකු දැයි අපි මැනවින් දන්නෙමු. ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි මුදවා ගන්නෙමු. ඇය පසුබැස්සවුන් අතුරින් වූවාය.

තෆ්සීර්

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මලක්වරුන්හට, "නුඹලා නගර වාසීන් විනාශ කිරීමට අපේක්ෂා කරන නගරයෙහි ලූත් තුමා සිටියි. ඔහු අපරාධකරුවන් අතරින් නොවේ" යැයි පැවසීය. එයට මලක්වරු, "එහි සිටින්නන් පිළිබඳ අපි මැනවින් දනිමු. එම ගම් වැසියන්ට පහළ වන දඬුවමින් ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ සෙසු පවුලේ සාමාජිකයින් මුදවා ගන්නෙමු. ඇය විනාශ වී යන්නන් අතරට පත්වූවාය. ඔවුන් සමගම අපි ඇය විනාශ කරන්නෙමු’ යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න