සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:31
وَلَمَّا جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَٰذِهِ الْقَرْيَةِ ۖ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ
තවද අපගේ දූත වරුන් ඉබ්රාහීම් වෙත ශුභාරංචිය ගෙන ආ කල්හි ‘නියත වශයෙන්ම අපි මෙම නගරයේ වැසියන් විනාශ කරන්නෝ වෙමු. නියත වශයෙන්ම එහි වැසියෝ අපරාධකරුවන් වූහැ’යි ඔවුහු පැවසූහ.
තෆ්සීර්
ඉබ්රාහීම්ට ඉස්හාක් හා ඔහුගෙන් පසු ඔහුගේ පුත්රයා යඃකූබ් ගැන ශුභාරංචි දන්වමින් අප එවූ මලක්වරුන් පැමිණි කල්හි, ඔවුහු ඔහුට, "ලූත් තුමාගේ ජනයාගේ නගරය වන ‘සදූම්’ නම් නගරවාසීන් සැබැවින්ම අපි විනාශ කරන්නෝ වෙමු. සැබැවින්ම එහි ජනයා අශීලාචාර ක්රියාවන් සිදු කරමින් අපරාධකරුවන් බවට පත්ව සිටිති" යැයි පැවසුවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න