සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:30
قَالَ رَبِّ انْصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ
මාගේ පරමාධිපතියාණනි, කලහකාරී පිරිසට එරෙහි ව ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු ප්රාර්ථනා කළේය.
තෆ්සීර්
ලූත් තුමා තම ජනයාගේ මුරණ්ඩුකම හා ඔවුන් වෙත පහළ කරන දඬුවම ගැන හෑල්ලුවට ලක් කොට එය පහළ කරන මෙන් ඔවුන් ඉල්ලා සිටීමෙන් පසු ව තම පරමාධිපතිට ඇරයුම් කරමින් මෙසේ ප්රාර්ථනා කර සිටියේය. "මාගේ පරමාධිපතියාණනි! දේව ප්රතික්ෂේපය, අශීලාචාරය පාපය පතුරුවාලමින් මහ පොළොවේ කලහකාරීන් ලෙස හැසිරෙන ජනයාට එරෙහි ව මට නුඹ උදව් කරනු මැනව!"
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න