සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:29

أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنْكَرَ ۖ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

නියත වශයෙන්ම නුඹලා පිරිමින් වෙත (කාමාශාවෙන් යුතු ව) එන්නෙහු ද? හරි මග කපා හරින්නෙහු ද? නුඹලා රැස් වන තැන්හි පිළිකුල් සහගත දෑ කරන්නෙහු ද? එවිට ඔහුගේ ජනයාගේ පිළිතුර ‘ඔබ සත්‍යවාදීන් අතුරින් නම් අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු’යි පැවසීම මිස වෙනෙකක් නොවීය.

තෆ්සීර්

සැබවින්ම නුඹලා පිරිමින් වෙත නුඹලාගේ කාමාශාවන් ඉටු කර ගැනීම සඳහා ඔවුන්ගේ පශ්චාත් භාගය තුළට පැමිණෙන්නෙහු ය. මගීන්ගේ මාර්ග හරස් කොට ඔවුන්ට බාධා කරන්නෙහු ය.නුඹලා සිදු කරන අශීලාචාර පාපය නිසාවෙන් නුඹලාට බියෙන් ඔවුන් පසු කර යන්නේ නැත. එමෙන්ම නුඹලා අසභ්ය දර්ශන පෙන්වන නුඹලා පසු කර යන්නන්හට ප්රකාශයෙන් හා ක්රියාවෙන් වේදනා ගෙන දෙන පිළිකුල් සහගත ක්රියාවන් සිදු වන සභාවන්ට නුඹලා යන්නෙහු ද? එම පිළිකුල් සහගත ක්රියාවෙන් ඔහු ඔවුන් වැළැක්වීමෙන් පසු ව ඔහුගේ ජනයාගේ පිළිතුරු වූයේ, "නුඹ තර්ක කරන වාදයෙහි සත්යවාදියෙකු නම් නුඹ අපට කවර කරුණක් පිළිබඳ තර්ජනය කළෙහි ද එම අල්ලාහ්ගේ දඬුවම අප වෙත ගෙන එනු." යැයි පැවසීම මිස වෙනකක් නොවීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න