සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:28

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُمْ بِهَا مِنْ أَحَدٍ مِنَ الْعَالَمِينَ

තවද ලූත් ව ද (අපි එව්වෙමු.) නියත වශයෙන් නුඹලා අශික්ෂිත දෑහි (සමලිංගිකත්වයේ) නිරත වන්නෙහුය. මෙවැනි දෙයකින් ලෝවැසියන් අතුරින් කිසිවෙක් නුඹලාව ඉක්මවා නොගියේය.

තෆ්සීර්

අහෝ දූතය! ලූත් තුමා තම ජනයාට පැවසූ අවස්ථාව ද මෙනෙහි කරනු. එතුමා, "සැබවින්ම නුඹලා අශීලාචාර පාපයක් සිදු කරමින් පැමිණෙන්නෙහුය. නුඹලාට පෙර ලෝවැසියන් ගෙන් කිසිවකු එවන් දෙයක් සිදු කළේ නැත. සහජ දහමට පිටුපාමින් මෙම පාපය මුලින්ම සිදු කර ඇත්තේ නුඹලාය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න