සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:27

وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

තවද අපි ඉස්හාක් හා යඃකූබ් ඔහුට පිරිනැමුවෙමු. ඔහුගේ පරම්පරාව තුළ නබිත්වය හා දේව ග්‍රන්ථය ඇති කළෙමු. තවද ඔහුගේ තිළිණය අපි ඔහුට මෙලොවෙහි පිරිනැමුවෙමු. තවද නියත වශයෙන්ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතුරින් වෙයි.

තෆ්සීර්

අපි ඉබ්රාහීම්ට ඉස්හාක් හා ඔහුගේ පුත් යඃකූබ් ව පිරිනැමුවෙමු. ඔහුගේ දරුවන් අතර අපි දූත ධූරය හා අල්ලාහ් වෙතින් පහළ කරන ලද ග්රන්ථ ද ඇති කළෙමු. මෙලොවෙහි ඔහු සත්යය මත ඉවසීමෙන් සිටි හේතුවෙන් ඔහුට පිරිනැමෙන කුසල් වශයෙන් ඔහුගේ දරුවන් දැහැමියන් ලෙසත් යහපත් ඇගැයීමට ලක් වන ලෙසත් අපි ඔහු ව පත් කළෙමු. සැබවින්ම මතු ලොවෙහි දැහැමියන් සඳහා වූ ප්රතිඵල පිරිනමනු ලැබේ. මතු ලොවෙහි ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති ගෞරවනීය ප්රතිඵල මෙලොවෙහි පිරිනමනු ලැබූ ප්රතිඵලය හේතුවෙන් කිසිදු අඩුවක් වන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න