සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:25

وَقَالَ إِنَّمَا اتَّخَذْتُمْ مِنْ دُونِ اللَّهِ أَوْثَانًا مَوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُمْ بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُمْ بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ نَاصِرِينَ

තවද මෙලොව ජීවිතයේ නුඹලා අතර ඇල්ම ඇති කිරීමක් වශයෙන් නුඹලා අල්ලාහ්ගෙන් තොර ව ගෙන ඇත්තේ පිළිම(වන්දනාව)ය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ප්‍රතික්ෂේප කරනු ඇත. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ශාප කරනු ඇත. නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවකු හෝ නොමැත.

තෆ්සීර්

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම ජනයාට මෙසේ පවසා සිටියේය. "සැබවින්ම නුඹලා මෙලොව ජීවිතයේ එකිනෙකා හඳුනා ගන්නටත් සෙනෙහස පාන්නටත් දෙවිවරුන් වශයෙන් පිළිම තෝරාගත්තෙහුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතර පවතින එම ආදරය විසන්ධි වී යනු ඇත. දඬුවම දෑසින් දකින අවස්ථාවේ නුඹලාගේ ඇතැමෙක් ඇතැමෙකුගෙන් ඉවත් ව යයි. නුඹලා එකිනෙකා දොස් පවරා ගනියි. නුඹලා යොමු වන නවාතැන නිරා ගින්නය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ව ආරක්ෂා කරන උදව්කරුවන් හෝ ඔහු හැර නුඹලා නමදිමින් සිටින නුඹලාගේ පිළිම හෝ ඒ හැර වෙනත් දෑ ද නුඹලාට නොමැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න