සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:24

فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنْجَاهُ اللَّهُ مِنَ النَّارِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ

(එයට ඔවුන්) නුඹලා ඔහු මරා දමනු. එසේ නැතහොත් ඔහු පුලුස්සා දමනු යැයි පවසා සිටියා මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය. එවිට අල්ලාහ් ඔහු ව ගින්නෙන් මුදවා ගත්තේය. නියත වශයෙන්ම විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.

තෆ්සීර්

අල්ලාහ්ට පමණක් නමදින මෙන් ද, ඔහු හැර අනෙකුත් පිළිම වන්දනාවන් අතහැර දමන මෙන් ද ඉබ්රාහීම් තුමා තම ජනයාට නියෝග කළ පසු, ඔහුගේ ජනයාගේ පිළිතුරු වූයේ, "නුඹලා ඔහු ව මරා දමනු. නුඹලාගේ දෙවිවරුන්ට ජය අත්පත් කර දෙනු පිණිස ඔහු ව ගින්නට හෙළනු." යන්නයි. එවිට අල්ලාහ් ඔහුට ගින්නෙන් ආරක්ෂාව සැලසීය. ඔහු ව ගින්නට හෙළූ පසු ව ඉන් ආරාක්ෂාව ඔහු ලැබීමෙහි සැබවින්ම විශ්වාස කරන ජනයාට පාඩමක් ඇත. ඊට හේතුව සැබැවින්ම එම පාඩම තුළින් ප්රයෝජන ලබනුයේ ඔවුන් වන බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න