සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:17

إِنَّمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ أَوْثَانًا وَتَخْلُقُونَ إِفْكًا ۚ إِنَّ الَّذِينَ تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ لَا يَمْلِكُونَ لَكُمْ رِزْقًا فَابْتَغُوا عِنْدَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ ۖ إِلَيْهِ تُرْجَعُونَ

නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා නැමදුම් කරනුයේ පිළිම වලටය. තවද නුඹලා බොරු නිර්මාණය කරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑ වනාහි නුඹලාට පෝෂණය ලබා දෙන්නට ඔවුනට හැකියාව නොමැත්තෝය. එහෙයින් අල්ලාහ් වෙතින් පෝෂණ සම්පත් සොයනු. තවද ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට කෘතවේදී වනු. නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටය.

තෆ්සීර්

"අහෝ දේවත්වයට ආදේශ කරන්නනි! නුඹලා නමදිනුයේ සෙත සැලසිය නොහැකි, එමෙන්ම හානිය ඇති කළ නොහැකි දෑ ට ය. සැබවින්ම ඒවා නැමදීමට සුදුසු යැයි නුඹලා විශ්වාස කරන අවස්ථාවේ නුඹලා ඒ ගැන බොරු ගොතා පවසන්නෙහුය. අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින අය වනාහි නුඹලාට පෝෂණය ලබා දීමට ඔවුන් සතුව පෝෂණ සම්පත් නොමැත. එහෙයින් නුඹලා පෝෂණ සම්පත් අල්ලාහ් වෙතින් පතනු. ඔහුය මහා පෝෂකයාණන්. නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු. තවද නුඹලාට පිරිනැමූ පෝෂණ සම්පත් සඳහා නුඹලා ඔහුට කෘතඥ වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය. නුඹලාගේ පිළිම වෙත නොවේ."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න