සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:18

وَإِنْ تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِنْ قَبْلِكُمْ ۖ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ

තවද නුඹලා බොරු කරන්නෙහු නම් එවිට (දැනගනු) සැබැවින්ම නුඹලාට පෙර සිටී සමූහයන්ද බොරු කළෝය. තවද පැහැදිලි ව (අල්ලාහ්ගේ නියෝග) දන්වා සිටීම මිස වෙනත් කිසිවක් රසූල්වරයා වෙත නැත.

තෆ්සීර්

"මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද නුඹලා එය බොරු කර සිටියෙහු නම් නුඹලාට පෙර විසූ නූහ් තුමාගේ සමූහයා ද ආද් හා සමූද් ජනයා ද දූතවරුන් බොරු කළ බව දැනගනු. දූතයාණන් වෙත පැවරී ඇත්තේ පැහැදිලි ව දන්වා සිටීම පමණය. ඔහුගේ පරමාධිපති නුඹලාට කවර කරුණක් දන්වා සිටින මෙන් ඔහුට නියෝග කර ඇත්තේ ද සැබවින්ම ඔහු නුඹලාට එය දැන්වීය."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න