සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:16
وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ۖ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
තවද ඉබ්රාහීම් ව ද (එව්වෙමු.) නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. නුඹලා දැන සිටියෙහු නම් එය නුඹලාට උතුම්ය යැයි ඔහු පැවසූ අවස්ථාව සිහියට නගනු.
තෆ්සීර්
අහෝ දූතය! ඉබ්රාහීම් තුමාගේ කතාව ද මෙනෙහි කරනු. ඔහු තම ජනයාට, "අල්ලාහ් ව පමණක් නුඹලා නමදිනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින්, ඔහුගේ දඬුවමට නුඹලා බිය වනු. නුඹලාට කවර දෙයක් නියෝග කරනු ලැබුවේ ද නුඹලා ඒ ගැන දන්නෙහු නම් එය නුඹලාට යහපත් වනු ඇත." යැයි පවසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න