සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:14

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ

තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ ජනයා වෙත එව්වෙමු. එවිට ඔහු ඔවුන් අතර වසර පනහක් හැර වසර දහසක් රැඳී සිටියේය. එවිට ඔවුන් අපරාධකරුවන් ව සිටිය දී මහා ගංවතුරක් ඔවුන් හසු කළේය.

තෆ්සීර්

සැබවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත දූතයකු ලෙස එව්වෙමු. ඔවුන් අතර ඔහු වසර නවසිය පනහක් රැඳී සිට අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඔවුන් ඇරයුම් කළේය. නමුත් ඔවුහු ඔහු ව බොරු කළ අතර ම ඔවුන් ප්රතික්ෂේපය මත අඛණ්ඩ ව සිටියෝය. මහා ජලගැල්මක් ඔවුන් ග්රහණය කළේය. ඔවුන් අල්ලාහ් ප්රතික්ෂේප කළ බැවින්ද ඔහුගේ දූතවරුන් බොරු යැයි පවසා සිටි බැවින් ද අපරාධකරුවන් වූහ. එහෙයින් දියේ ගිලී ඔවුහු විනාශ වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න