සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:13

وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ

තවද නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ බරද ඔවුන්ගේ බර සමග තවත් බරද උසුලනු ඇත. ඔවුන් ගොතමින් සිටි දෑ පිළිබඳ ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කරනු ලැබේ.

තෆ්සීර්

ඔවුන්ගේ ව්යාජ දෑ වෙත ඇරයුම් කරන මෙම දේව ආදේශකයින් ඔවුන් යෝජනා කළ ඔවුන්ගේ පාපය උසුලනු ඇත. එමෙන්ම ඔවුන්ගේ ඇරයුම පිළිපැද්දවුන්ගේ පාපය ද උසුලනු ඇත. එහිදී එසේ පිළිපැද්දවුන්ගේ පාපයෙන් කිසිවක් අඩු කරන්නේද නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මෙලොවෙහි ඔවුන් ගොතමින් සිටි ව්යාජ දෑ පිළිබඳ ඔවුන්ගෙන් විමසනු ලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න