සූරා 29 · ජුස් 20

Al-'Ankabut · 29:12

وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ

දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා නුඹලා අපගේ මාර්ගය අනුගමනය කරනු. නුඹලාගේ පාපකම් අපි උසුලන්නෙමු යැයි පවසති. ඔවුන්ගේ පාපයන්ගෙන් කිසිවක් ඔවුහු උසුලන්නන් නොවෙති. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.

තෆ්සීර්

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, ඔහු ව විශ්වාස කළවුන් දෙස බලා, "අපගේ දහම හා අප කවර පිළිවෙතක් මත සිටින්නේ ද, එය නුඹලා පිළිපදිනු. අපි නුඹලාගෙන් තොර ව නුඹලාගේ පාපකම් නුඹලා වෙනුවෙන් උසුලා නුඹලාට ප්රතිඵල පිරිනමමු." යැයි පවසති. ඔවුන්ගේ පාපකම් කිසිවක් උසුලන්නන් ලෙස ඔවුහු නැත. සැබවින්ම ඔවුන්ගේ එම ප්රකාශයෙහි ඔවුන් මුසාවාදීහු වෙති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න