සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:11
وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ
සැබැවින්ම අල්ලාහ් විශ්වාස කළවුන් ගැන දන්නේය. තවද කුහකයින් ගැන ද සැබැවින්ම ඔහු දන්නේය.
තෆ්සීර්
සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කළවුන් පිළිබඳ ඔහු මැනවින් දන්නේය. එමෙන්ම දේව විශ්වාසය මතු පිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළාන්තයේ සඟවා ගෙන සිටින කුහකයින් පිළිබඳ ව ද මැනවින් දන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න