සූරා 29 · ජුස් 20
Al-'Ankabut · 29:10
وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِنْ جَاءَ نَصْرٌ مِنْ رَبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ ۚ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ
‘සැබැවින්ම අපි අල්ලාහ් විශ්වාස කළෙමු’ යැයි පවසා ඔහු අල්ලාහ් විෂයෙහි වේදනාවට පත් කරනු ලැබූ විට ජනයාගේ අර්බුදය අල්ලාහ්ගේ දඬුවමක් බවට සලකන අය ද ජනයා අතුරින් වෙති. නමුත් ඔබේ පරමාධිපතිගෙන් උපකාරයක් පැමිණි විට නියත වශයෙන්ම අපි නුඹලා සමග යැයි පවසති. ලෝවැසියන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?
තෆ්සීර්
"සැබැවින්ම අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු." යැයි පවසන්නන් මිනිසුන් අතර සිටිති. ඔවුන්ගේ විශ්වාසයට එරෙහි ව දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට වද හිංසා කළ විට ඔවුන්ගේ දඬුවම අල්ලාහ්ගේ දඬුවම මෙන් සලකා, දේව ප්රතික්ෂේපකයින්ට අනුගත වෙමින් දේව විශ්වාසයෙන් හැරෙති. නුඹේ පරමාධිපතිගෙන් යම් ජයක් නුඹට ලැබුණේ නම් ඔවුහු අහෝ "දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම අපි නුඹලා සමග දේව විශ්වාසය මත සිටියෙමු" යැයි පවසති. මිනිසුන්ගේ හදවත් තුළ ඇති දෑ මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද? දේව ප්රතික්ෂේපය හෝ දේව විශ්වාසය හෝ කවර දෙයක් එහි තිබුණ ද එය අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. ඔවුන් ගැන අල්ලාහ් මැනවින් දන්නා ලෙස සිටියදී ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුන් කෙසේ නම් අල්ලාහ්ට දැනුම් දිය හැකිද?"
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න