සූරා 27 · ජුස් 19
An-Naml · 27:8
فَلَمَّا جَاءَهَا نُودِيَ أَنْ بُورِكَ مَنْ فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ
එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබීය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබීය.
තෆ්සීර්
හෙතෙම ගින්න දුටු ස්ථානය වෙත ළඟා වූ කල්හි, ලෝවැසියන්ගේ පරමාධිපතිට ගරු බුහුමන් කිරීමක් වශයෙන් ද නොමග ගියවුන් ඔහු ව විස්තර කරන පරිදි ඔහුට නොගැළපෙන ගුණාංග වලින් ඔහු ව පිවිතුරු කිරීමක් වශයෙන් ද ගින්නේ සිටින්නා හා ඒ අවට සිටින මලක්වරුන් සුවිශුද්ධ කිරීමට අල්ලාහ් ඔහු ඇමතීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න