සූරා 27 · ජුස් 19
An-Naml · 27:7
إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُمْ مِنْهَا بِخَبَرٍ أَوْ آتِيكُمْ بِشِهَابٍ قَبَسٍ لَعَلَّكُمْ تَصْطَلُونَ
නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
තෆ්සීර්
අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා තම පවුලට පැවසූ අවස්ථාව මෙනෙහි කරනු. ඔහු, "සැබවින්ම මම ගින්නක් දුටිමි. එය ඇවිළෙන තැනින් අපට මාර්ගය පෙන්වා දෙන තොරතුරක් මම නුඹලා වෙත ගෙන එමි එසේ නැතහොත් සීතලෙන් අප ආරක්ෂා කර ගනු පිණිස ඉන් ගනු ලබන ගිනි පන්දමක් හෝ නුඹලා වෙත ගෙන එමි."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න