සූරා 27 · ජුස් 19

An-Naml · 27:45

وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ

තවද නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින්ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ.

තෆ්සීර්

අපි සමූද් වැසියන් වෙත ඔවුන්ගේ පරම්පරාවෙන් සහෝදරයකු වූ සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු." යැයි අණ කරමින් එව්වෙමු. නමුත් ඔවුනට කළ එම ඇරයුමෙන් පසු ව කණ්ඩායම් දෙකක් ලෙස ඔවුහු බෙදුණහ. කණ්ඩායමක් දේව විශ්වාසී පිරිසක් වූ අතර අනෙක් කණ්ඩායම සත්ය මත සිටින්නේ කවරෙකු දැයි පවසා දබර කරන පිරිසක් වූූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න