සූරා 27 · ජුස් 19
An-Naml · 27:44
قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَنْ سَاقَيْهَا ۚ قَالَ إِنَّهُ صَرْحٌ مُمَرَّدٌ مِنْ قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබීය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවාය. ඇය ඇයගේ වස්ත්රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තාය. නියත වශයෙන්ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු පැවසීය. මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමග සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවාය.
තෆ්සීර්
මතුපිට පෙනෙන ස්වරූපයක් මෙන් වූ "මන්දිරයට නුඹ ඇතුළු වනු" යැයි ඇයට කියනු ලැබීය. එවිට ඇය එය ජලය යැයි සිතා ඇය එය තරණය කිරීම සඳහා ඇයගේ කෙණ්ඩයෙන් වස්ත්රය ඉවත් කළාය. සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා, "සැබවින්ම එය පළිඟු වලින් අලේප කරන ලද මන්දිරයකි.’ යැයි පවසා සිටි අතර ඇය ව ඉස්ලාමය වෙත ඇරයුම් කළේය. කවර කරුණක් වෙත ඇය ඇරයුම් කරනු ලැබුවේ ද එයට පිළිතුරු දෙමින් ඇය මෙසේ පැවසුවාය. "පරමාධිපතියාණනි! ඔබ සමග, ඔබ නොවන වෙනත් දෑ ට නැමදුම් කිරීමෙන් සැබවින්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. මම සුලෙයිමාන් සමග සියලු දෑ හි මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට යටත් වෙමි." යැයි පැවසුවාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න