සූරා 27 · ජුස් 19

An-Naml · 27:19

فَتَبَسَّمَ ضَاحِكًا مِنْ قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ

උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණනි, නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසීය.

තෆ්සීර්

සුලෙයිමාන් ඇයගේ කතාවට සවන් දුන් කල්හි, ඇයගේ එම ප්රකාශය ගැන සිනාසීය. සුවිශුද්ධයාණන් වන ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! මට ආශිර්වාද කරනු මැනව! මා වෙත හා මාගේ දෙමාපියන් හට පිරිනැමූ ඔබේ ආශිර්වාදයන්ට මා කෘත ගුණ සැලකීමට මට අවකාශය දෙනු මැනව! එමෙන්ම නුඹ බලාපොරොත්තු වන අයුරින් දැහැමි ක්රියාවන් කිරීමටත් මට ආශිර්වාද කරනු මැනව! නුඹේ කරුණාව තුළින් නුඹේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව!" යැයී කීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න