සූරා 27 · ජුස් 19

An-Naml · 27:18

حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ

කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත් ව නුඹලා පාගා නොදැමිය යුතු යැයි කුහුඹියෙක් කීවාය.

තෆ්සීර්

(සිරියාවේ ස්ථානයක) කුහුඹුවන්ගෙන් යුත් මිටියාවත දක්වා ඔවුන් පැමිණෙන තෙක්ම ඔවුන් මෙහෙයවනු ලබමින් සිටියෝය. කුහුඹුවන් අතරින් එක් කුහුඹියක් මෙසේ පැවසීය. "අහෝ කුහුඹුවනි! සුලෙයිමාන් හා ඔහුගේ සේනාව නුඹලා ගැන නොදැනුවත් ව නුඹලා ව විනාශ නොකරනු වස් නුඹලා නුඹලාගේ නිවෙස් වලට පිවිසෙනු. නුඹලා පිළිබඳ ඔවුන් දැන ගත්තේ නම් ඔවුන් නුඹලා ව පාගා නොදමනු ඇත.’

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න