සූරා 24 · ජුස් 18
An-Nur · 24:63
لَا تَجْعَلُوا دُعَاءَ الرَّسُولِ بَيْنَكُمْ كَدُعَاءِ بَعْضِكُمْ بَعْضًا ۚ قَدْ يَعْلَمُ اللَّهُ الَّذِينَ يَتَسَلَّلُونَ مِنْكُمْ لِوَاذًا ۚ فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ أَنْ تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ
නුඹලා අතර රසූල්වරයා ඇමතීම නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට අමතන මෙන් නුඹලා පත් කර නොගනු. නුඹලා අතරින් සැඟ වී ලිස්සා යන්නන් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් දනී. ඔහුගේ අණට විරුද්ධවන්නන් ඔවුනට අර්බුදයක් ඇති වීම ගැන හෝ ඔවුනට වේදනීය දඬුවමක් ඇති වීම ගැන ප්රවේශම් විය යුතුය.
තෆ්සීර්
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්ට ගරු කරනු. නුඹලා එතුමා අමතන විට, එකිනෙකා සමග නුඹලා කටයුතු කරන්නාක් මෙන් "ඕ මුහම්මද්!" යනුවෙන් එතුමාගේ නාමයෙන් හෝ "අබ්දුල්ලාහ්ගේ පුතණුවනි!" යැයි එතුමාගේ පියාගේ නමින් හෝ නොඅමතනු. ඒ වෙනුවට නුඹලා එතුමාණන්ට, "අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ නබිවරයාණනි!" යනුවෙන් පවසා අමතනු. පොදු කටයුත්තක් වෙනුවෙන් එතුමා නුඹලාට ඇරයුම් කරන විට එතුමාගේ එම ඇරයුම නුඹලා එකිනෙකා පොදුවේ නිෂ්ඵල කාර්යයන් සඳහා ඇරයුම් කරන්නාක් මෙන් පත් කර නොගනු. ඒ සඳහා පිළිතුරු දෙන්නට යුහුසුළු වනු. කිසිදු අවසරයකින් තොරව රහසිගතව නුඹලාගෙන් හැරී යන්නන් ගැන අල්ලාහ් සැබැවින්ම දනී. එහෙයින් අල්ලාහ්ගේ දූතයාණන්ගේ අණට විරුද්ධවන්නන් වනාහි, ව්යසනයක් හෝ අභාග්යයක් හෝ අල්ලාහ් ඔවුනට හට ගැන්වීම සම්බන්ධයෙන් හා ඔවුනට ඉවසිය නොහැකි වේදනීය දඬුවමක් ඔහු ඔවුනට ලබා දීම සම්බන්ධයෙන් ප්රවේසම් විය යුතුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න