සූරා 24 · ජුස් 18
An-Nur · 24:62
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَىٰ أَمْرٍ جَامِعٍ لَمْ يَذْهَبُوا حَتَّىٰ يَسْتَأْذِنُوهُ ۚ إِنَّ الَّذِينَ يَسْتَأْذِنُونَكَ أُولَٰئِكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ ۚ فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَنْ لِمَنْ شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللَّهَ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
දේව විශ්වාසීන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන්ය. තවද ඔවුහු ඔහු සමග යම් සාමුහික කරුණක සිටි විට ඔහුගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු නික්ම නොයති. නියත වශයෙන්ම නුඹගෙන් අවසර පැතූවන් වනාහි ඔවුහුමය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කරන්නෝ වන්නේ. එහෙයින් ඔවුන්ගේ ඇතැම් කරුණු සඳහා ඔවුහු නුඹගෙන් අවසර පැතූ විට ඔවුන් අතුරින් නුඹ අභිමත කරන අයට අවසර දෙනු. තවද ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.
තෆ්සීර්
ඔවුන්ගේ විශ්වාසය තුළ සැබෑ දේව විශ්වාසීන් වනාහි, අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළවුන්ය. යම් කටයුත්තක ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග සිටින විට මුස්ලිම්වරුන්ගේ යහපත සඳහා එතුමා ඔවුන් එක්රැස් කරයි. එවිට හැරී යන්නට එතුමාගෙන් ඔවුන් අවසර පතන තෙක් ඔවුහු හැරී නොගියෝය. අහෝ දූතය! හැරී යන අවස්ථාවේ අවසරය පැතූ ඔවුහු සැබෑ ලෙස අල්ලාහ්ව විශ්වාස කරන්නෝ වෙති. ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කරන්නෝ වෙති. ඔවුන්ගේ වැදගත් කටයුතු සඳහා ඔබෙන් ඔවුන් අවසර පැතූ විට ඔවුන්ගෙන් ඔබ අවසර දෙන්නට අභිමත කරන අයට අවසර දෙනු. ඔවුන්ගේ පාපකම්වලට නුඹ ඔවුන් වෙනුවෙන් සමාව අයැදිනු. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන්හට අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න