සූරා 24 · ජුස් 18

An-Nur · 24:61

لَيْسَ عَلَى الْأَعْمَىٰ حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَلَا عَلَىٰ أَنْفُسِكُمْ أَنْ تَأْكُلُوا مِنْ بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُمْ مَفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَأْكُلُوا جَمِيعًا أَوْ أَشْتَاتًا ۚ فَإِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَلَىٰ أَنْفُسِكُمْ تَحِيَّةً مِنْ عِنْدِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

නුඹලාගේ නිවෙස් වල හෝ නුඹලාගේ පියවරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව්වරුන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ෂවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරයන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ පිය පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ නුඹලාගේ මව් පාර්ශවයේ සහෝදරියන්ගේ නිවෙස් වල හෝ තම යතුරු තමන් සන්තකයේ ඇති අය හා නුඹලාගේ මිතුරන් සමග නුඹලා ආහාර ගැනීම අන්ධයා කෙරෙහි වරදක් නොමැත. එමෙන්ම කොරා කෙරෙහි ද වරදක් නොමැත. එමෙන්ම රෝගියා කෙරෙහිද වරදක් නොමැත. නුඹලා කෙරෙහි ද වරදක් නොමැත. නුඹලා එකට ආහාර ගැනීම හෝ කණ්ඩායම් වශයෙන් වෙන් ව ආහාර ගැනීම හෝ වරදක් නැත. නුඹලා නිවෙස් වලට පිවිසෙන්නෙහු නම් අල්ලාහ් අබියසින් වූ යහපත් අභිවෘද්ධිමත් පැතුමක් වශයෙන් නුඹලා වෙත සලාම් පවසනු. නුඹලා වටහා ගනු පිණිස එලෙසය අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ.

තෆ්සීර්

අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම වැනි පවරන ලද වගකීම් ඉටු කිරීමට හැකියාවක් නැති වගකීම් අතහැර දැමීම, බැල්ම අහිමි වූ අන්ධයා මත ද අබාධිතයා මත ද රෝගියා මත ද පාපයක් නැත. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාගේ නිවෙස්වල නුඹලා අනුභව කිරීමෙහි නුඹලාට වරදක් නැත. නුඹලාගේ දරුවන්ගේ නිවෙස් ද ඒ අතරින් වන්නේය. එමෙන්ම නුඹලාගේ පියවරුන්ගේ හෝ නුඹලාගේ මව්වරුන්ගේ හෝ නුඹලාගේ සහෝදරයන්ගේ හෝ නුඹලාගේ සහෝදරයින්ගේ හෝ නුඹලාගේ මාමාවරුන්ගේ හෝ නුඹලාගේ නැන්දාවරුන්ගේ හෝ නුඹලාගේ පිය සහෝරදවරුන්ගේ හෝ නුඹලාගේ පිය සහෝදරියන්ගේ හෝ නිවසේ කටයුතු ආරක්ෂා කිරීම සඳහා නුඹලා භාර කළ වතු ආරක්ෂකයින්ගේ හෝ නිවෙස්වල අනුභව කිරීම වරදක් නැත. පුරුද්දක් ලෙස නුඹලාට හිතවත් නුඹලාගේ මිතුරන්ගේ නිවෙස්වල අනුභව කිරීමෙහි ද වරදක් නැත. නුඹලා සාමුහිකව හෝ වෙන් වෙන්ව අනුභව කිරීමෙහි ද වරදක් නැත. නමුත් සඳහන් කරන ලද නිවෙස් අතරින් නිවසකට හෝ ඒ හැර වෙනත් නිවෙස්වලට හෝ නුඹලා පිවිසෙන විට එහි සිටින නිවැසියන්ට ‘අස්සලාමු අලයිකුම්’ යන පද භාවිතයෙන් සලාම් පවසනු. එහි කිසිවෙක් නොවී නම් නුඹලා මතම ‘අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්’ යැයි සලාම් පවසනු. එය අල්ලාහ්ගෙන් වූ සුබ පැතුමක් වශයෙනි. නුඹලා අතර එහි විහිදී ඇති ආදරය සෙනෙහස හේතුවෙන් එය සවන් දෙන්නාගේ ආත්මයට සතුටු දන්වන පරිදි නුඹලාට එය භාග්යවන්ත ලෙස ආගමානුගත කොට ඇත. සූරාවේ පෙර පැහැදිළි කළ පරිදි අල්ලාහ්ගේ වදන් නුඹලාට වටහා ගැනීමේ හා එහි ඇති දෑ අනුව නුඹලා කටයුතු කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතුව අල්ලාහ් මෙම වදන් ද පැහැදිලි කරයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න