සූරා 24 · ජුස් 18
An-Nur · 24:60
وَالْقَوَاعِدُ مِنَ النِّسَاءِ اللَّاتِي لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَنْ يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَاتٍ بِزِينَةٍ ۖ وَأَنْ يَسْتَعْفِفْنَ خَيْرٌ لَهُنَّ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
විවාහයක් අපේක්ෂා නොකරන කාන්තාවන් අතුරින් වයෝවෘද්ධ කාන්තාවන් වනාහි ඔවුන් අලංකාරය ප්රදර්ශයනය කිරීමෙන් තොර ව ඇඳුම් ගලවා තැබීම ඔවුන් කෙරෙහි වරදක් නොමැත. නමුත් ඔවුන් තැන්පත් බව රැකීම ඔවුනට වඩාත් උතුම්ය. තවද අල්ලාහ් සර්වශ්රාවක සර්වඥානීය.
තෆ්සීර්
වයස්ගත හේතුවෙන් ඔසප් හෝ ගර්භනී තත්ත්වයට පත්වීමෙන් ආයාසයට පත් වූ, විවාහ වීමේ ආශාවක් නොමැති වයෝවෘද්ධ කාන්තාවන් වනාහි, ආවරණය කිරීමට නියෝග කරනු ලැබූ රහස්ය අලංකාරය හෙළි නොදක්වන පරිදි ඔවුන්ගේ උඩු සළුව, හිස් ආවරණය වැනි ඇතැම් වස්ත්ර ගලවා තැබීමෙහි වරදක් නැත. ආවරණය කිරීමක් හා තැන්පත්කම ආරක්ෂා කිරීමක් වශයෙන් එසේ එය නොගලවා, එම ඇඳුම ගැලවීම අතහැර දැමීම ඔවුනට උතුම් වන්නේය. අල්ලාහ් නුඹලාගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න