සූරා 24 · ජුස් 18
An-Nur · 24:59
وَإِذَا بَلَغَ الْأَطْفَالُ مِنْكُمُ الْحُلُمَ فَلْيَسْتَأْذِنُوا كَمَا اسْتَأْذَنَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
නුඹලා අතර වූ දරුවන් වැඩිවියට පත් වූ විට (වයසින්) ඔවුනට පෙර වූවන් අවසර පැතුවාක් මෙන් ඔවුන්ද අවසර පැතිය යුතුය. අල්ලාහ් ඔහුගේ වදන් නුඹලාට පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්ව ඥානී මහා ප්රඥා වන්තය.
තෆ්සීර්
නුඹලාගේ දරුවන් වැඩිවියට පත් වූ විට, වැඩිහිටියන්ගේ කරුණු සම්බන්ධයෙන් පෙර සඳහන් කළාක් මෙන්ම සෑම වේලාවකම නිවසට පිවිසෙන අවස්ථාවේ ඔවුන් ද අවසර පැතිය යුතු වේ. අවසර පැතීමේ නීති අල්ලාහ් නුඹලාට පැහැදිළි කළාක් මෙන්ම අල්ලාහ් ඔහුගේ වදන් ඔහු නුඹලාට පැහැදිලි කරයි. අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට යහපත් වන්නේ කුමක්දැයි මැනවින් දන්නාය. ඔහු ඔවුනට ආගමානුගත කළ දෑහි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න