සූරා 24 · ජුස් 18

An-Nur · 24:58

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِيَسْتَأْذِنْكُمُ الَّذِينَ مَلَكَتْ أَيْمَانُكُمْ وَالَّذِينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنْكُمْ ثَلَاثَ مَرَّاتٍ ۚ مِنْ قَبْلِ صَلَاةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُمْ مِنَ الظَّهِيرَةِ وَمِنْ بَعْدِ صَلَاةِ الْعِشَاءِ ۚ ثَلَاثُ عَوْرَاتٍ لَكُمْ ۚ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ ۚ طَوَّافُونَ عَلَيْكُمْ بَعْضُكُمْ عَلَىٰ بَعْضٍ ۚ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ දකුණත් හිමිකරගත් අය ද වැඩිවියට ළඟා නොවූ අය ද නුඹලාගෙන් වාර තුනක් අවසර පැතිය යුතුය. එනම් ෆජ්ර් සලාතයට පෙර ද මධ්‍යහ්න කාලයේ නුඹලාගේ ඇඳුම් නුඹලා ලිහා තබන අවස්ථාවේ ද ඉෂා සලාතයෙන් පසු ද වේ. නුඹලාට එය පෞද්ගලික අවස්ථා තුනකි. ඒවාට පසුව නුඹලා කෙරෙහි හෝ ඔවුන් කෙරෙහි හෝ දොසක් නොමැත. නුඹලා වෙත නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකු අතර සැරිසරන්නෝය. අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරනුයේ එලෙසය. තවද අල්ලාහ් සර්වඥානීය ප්‍රඥාවන්තය.

තෆ්සීර්

අල්ලාහ්ව විශ්වාස කොට ඔවුනට ඔහු ආගමානුගත කළ දෑ අනුව කටයුතු කරන්නනි! නුඹලාගේ වහලුන්, වහලියන්, වැඩිවියට පත් නොවූ නිදහස් දරුවන් වේලාවන් තුනකදී නුඹලාගෙන් අවසර පැතිය යුතුය. එනම් සුබ්හු සලාතයට පෙර: රාත්රී වස්ත්රය ලිහා, අවදි ව සිටියදී අඳින ඇඳුම මාරු කරන වේලාව. මධ්යහ්න වේලාව, සුළු නින්ද සඳහා නුඹලාගේ වස්ත්ර ලිහා දමන විට, ඉෂා සලාතයෙන් පසු, සැබැවින්ම එය නුඹලා නින්දට යන වේලාවයි. අවදිව සිටිය දී අඳින වස්ත්රය ගලවා රාත්රී ඇඳුම අඳින වේලාවයි. මෙම වේලාවන් තුන නුඹලාගේ පිටස්තරයින්ට නොපෙන්විය යුතු පෞද්ගලික වේලාවන්ය. නුඹලාගෙන් අවසර පැතීමෙන් පසු ව මිස නුඹලා අතරට එම වේලාවන්හි ඔවුන් නොපිවිසිය යුතුය. එම වේලාවන්හි හැර වෙනත් වේලාවන්හි ඔවුන් අවසර පැතීමෙන් තොරව පිවිසීමෙහි නුඹලාට හෝ ඔවුනට හෝ වරදක් නැත. ඔවුන් නිරන්තරයෙන්ම අධික ලෙස ගැවසෙන්නන් වෙති. එකිනෙකො මාරුවෙන් මාරුවට ආශ්රය කරන්නන් වෙති. අවසරයකින් තොරව සෑම වේලාවකම ඔවුන් නුඹලා වෙත පිවිසීම වැළැක්විය නොහැක්කකි. අවසර පැතීමේ නීති නුඹලාට අල්ලාහ් පැහැදිළි කළා සේම නුඹලාට ආගමානුගත කළ නීතී පෙන්වා දෙන වදන් ද ඔහු නුඹලාට පැහැදිලි කර සිටියි. අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට යහපත් දෑ කුමක්දැ යි මැනවින් දන්නාය. ඔහු ඔවුනට ආගමානුගත කළ නීති පිළිබඳ ද ඔහු මහා ප්රඥාවන්තය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න