සූරා 24 · ජුස් 18
An-Nur · 24:57
لَا تَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا مُعْجِزِينَ فِي الْأَرْضِ ۚ وَمَأْوَاهُمُ النَّارُ ۖ وَلَبِئْسَ الْمَصِيرُ
දෙවියන් ප්රතික්ෂේප කළවුන් ඔවුන් මහපොළොවේ (අල්ලාහ්ගේ සැලසුම්) නොහැකියාවට පත් කරන්නන් යැයි නුඹලා නොසිතිය යුතුය. ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. තවද එම ගමනාන්තය නපුරු විය.
තෆ්සීර්
අහෝ දූතය! අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් හට මා දඬුවම පහළ කිරීමට සිතූ විට ඔවුන් මට මග හැරී ඇතැයි නුඹ නොසිතනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ නවාතැන අපා ගින්නය. තම නවාතැන අපා ගින්න බවට පත් කර ගත් අයගේ නවාතැන ඉතා නපුරු විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න