සූරා 24 · ජුස් 18

An-Nur · 24:64

أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قَدْ يَعْلَمُ مَا أَنْتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

දැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතුය. නුඹලා කවර දෙයක් මත සිටින්නෙහු ද එය ඔහු සැබැවින්ම දනියි. තවද ඔහු වෙත ඔවුන් යොමු කරනු ලබන දින ඔහු ඔවුන් සිදු කළ දෑ පිළිබඳ ව ඔවුනට දන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

තෆ්සීර්

මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ්ට පමණක් සතු වන්නේය. අහෝ මිනිසුනි! නුඹලා කවර තත්ත්වයන් මත සිටින්නෙහු ද ඒ ගැන ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ - මිය ගිය පසු යළි නැගිටුවන ලැබ ඔහු වෙත නැවත හැරී යන අවස්ථාවේ - මෙලොවෙහි ඔවුන් සිදු කළ ක්රියාවන් පිළිබඳ ඔහු ඔවුනට දන්වා සිටිනු ඇත. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. අහස්හි හා මහපොළොවේ ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න