සූරා 24 · ජුස් 18
An-Nur · 24:55
وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَىٰ لَهُمْ وَلَيُبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْنًا ۚ يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا ۚ وَمَنْ كَفَرَ بَعْدَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ
නුඹලා අතුරින් දෙවියන් විශ්වාස කොට යහකම් කළවුනට ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසු ව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්රතිඥා දුන්නේය. ඔවුහු මට ගැතිකම් කරති. මට කිසිවක් ආදේශ නොකරති. තවද මින් පසු ව කවරෙකු ප්රතික්ෂේප කළේ ද එවිට ඔවුහුමය පාපතරයෝ.
තෆ්සීර්
නුඹලා අතරින් අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුනට උදව් ලබා දෙන බවත් ඔවුනට පෙර වූ දේව විශ්වාසීන් මහපොළොවේ පාලකයින් බවට පත් කළාක් මෙන් ඔවුන් ව ද මහපොළොවේ පාලකයින් බවට පත් කරන බවත් අල්ලාහ් ප්රතිඥා දුන්නේය. එමෙන්ම ඔවුන් වෙනුවෙන් තෝරා දුන් ඔවුන්ගේ දහමට - එනම් ඉස්ලාම් දහමට - ගෞරවණීය ස්ථානයක් ලබා දෙන බවත් ඔවුනට ප්රතිඥා දුන්නේය. තවද ඔවුන්ගේ බියකරු තත්ත්වයෙන් පසු ඔවුනට සුරක්ෂිත තත්ත්වයක් පෙරළා දෙන බවත් ප්රතිඥා දුන්නේය. ඔවුහු මට පමණක් නැමදුම් කරති. කිසිවක් මට ආදේශ නොකරති. මෙම ආශිර්වාදයන්ට පසු ව කවරෙකු ප්රතික්ෂේප කළේද ඔවුහුමය අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූවෝ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න