සූරා 24 · ජුස් 18
An-Nur · 24:54
قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ ۖ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا ۚ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. නමුත් නුඹලා (ඔවුන්ගෙන්) හැරුණේ නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහිය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. රසූල් වරයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම මිස නැත.
තෆ්සීර්
අහෝ දූතය! මෙම කුහකයින්හට නුඹ මෙසේ පවසනු. "බාහිර ක්රියාවන්හි මෙන්ම අභ්යන්තර ක්රියාවන්හි ද නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද දූතයාණන්ට ද අවනත වනු. ඔවුන් දෙදෙනාට අවනත වීම සම්බන්ධයෙන් නියෝග කර ඇති නියමයන්ගෙන් නුඹලා හැරුණේ නම්, සැබැවින්ම ඔහු මත පැවරෙනුයේ දන්වා සිටීම පමණක් බවත්, නුඹලා කෙරෙහි අවනත වීමේ හා ඔහු ගෙන ආ දෑ ක්රියාකිරීමේ වගකීම සතු බවත් දැනගනු. ක්රියා කරන මෙන් නුඹලාට නියෝග කළ දෑ නුඹලා ක්රියාත්මක කිරීමෙන් හා නුඹලාට තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට අවනත වන්නේ නම් සත්යය වෙත නුඹලා මඟ ලබනු ඇත. දූතවරයාණන් වෙත පැවරුණු වගකීම වනුයේ පැහැදිලි ලෙස දන්වා සිටීම පමණි. නුඹලාට යහමග පිරිනැමීමේ බර හෝ ඒ සඳහා නුඹලාට බලකිරීම හෝ එතුමා වෙත පවරා නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න