සූරා 24 · ජුස් 18
An-Nur · 24:53
۞ وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ ۖ قُلْ لَا تُقْسِمُوا ۖ طَاعَةٌ مَعْرُوفَةٌ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
(යුද්ධය සඳහා) නුඹ ඔවුනට අණ කළෙහි නම් ඔවුන් පිටත් වන බවට ඔවුන්ගේ බලවත් දිවුරුම අල්ලාහ් මත දිවුරති. (එසේ) දිවුරුම් නොකරනු. අවනත වීම දන්නා දෙයකි. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තයා වෙයි.
තෆ්සීර්
කුහකයෝ: ඔවුනට නුඹ ජිහාද්-යුක්ති ධර්මය වෙනුවෙන් සටන්- කිරීමට නියෝග කළෙහි නම් ඔවුන් ඒ සඳහා පිටත් ව යන බවට ඔවුනට හැකි පමණින් බලවත් ලෙස අල්ලාහ් මත දිවුරා පොරොන්දු වෙති. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. "නුඹලා එසේ දිවුරා නොසිටිනු. නුඹලාගේ බොරුව කවුරුත් දන්නා කරුණකි. නුඹලාගේ ව්යාජ අවනතභාවය ද දන්නා කරුණකි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් අභිඥානීය. නුඹලාගේ ක්රියාවන් නුඹලා සැඟවුව ද ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න