සූරා 24 · ජුස් 18
An-Nur · 24:51
إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَنْ يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
ඔවන් අතර තීන්දු දීම පිණිස අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ ප්රකාශය වූයේ අපි සවන් දුනිමු, අවනත වූයෙමු යන්නය. ජය ලබන්නෝ ඔවුහුමය.
තෆ්සීර්
දේව විශ්වාසීන් අතර දූතයාණන් තීන්දු ලබා දෙනු පිණිස අල්ලාහ් වෙත හා දූතයාණන් වෙත ඇරයුම් කරනු ලැබූ විට දේව විශ්වාසීන්ගේ ප්රකාශය වූයේ, "අපි එතුමාගේ ප්රකාශයට සවන් දුනිමු. එතුමාගේ නියෝගයට අපි අවනත වූයෙමුඃ යන්නය. මෙ ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ මෙලොව හා මතුලොව ජයග්රහණය ලැබූවෝ වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න