සූරා 24 · ජුස් 18

An-Nur · 24:50

أَفِي قُلُوبِهِمْ مَرَضٌ أَمِ ارْتَابُوا أَمْ يَخَافُونَ أَنْ يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ ۚ بَلْ أُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

ඔවුන්ගේ හදවත් තුළ රෝගයක් ද? එසේ නැතහොත් ඔවුහු සැක කළෝද? එසේත් නැතහොත් ඔවුනට එරෙහි ව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අසාධාරණයක් කරතැයි ඔවුහු බිය වෙත්ද? එසේ නොව අපරාධකරුවෝ ඔවුහුමය.

තෆ්සීර්

මොවුන්ගේ හදවත් තුළ ඒ හා බැඳුණු රෝගයක් වී ද? එසේ නැතහොත් සැබැවින්ම එතුමා අල්ලාහ්ගේ දූතයාණන් යන්නෙහි සැක කළෝ ද? එසේ නැතහොත් තීන්දුවෙහි අල්ලාහ් ඔවුන් වෙත වරදක් කරනු ඇතැයි බිය වන්නෝ ද. සඳහන් කරනු ලැබූ ඒ කිසිවක් නොවීය. ඔහුගේ තීන්දුවට ඔවුන් පිටුපෑම හා ඒ ගැන වූ ඔවුන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන්ගේ සිතු තුළ ඇති වූ අඩුපාඩුකම් නිසාවෙන් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න