සූරා 24 · ජුස් 18
An-Nur · 24:41
أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُسَبِّحُ لَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالطَّيْرُ صَافَّاتٍ ۖ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُ وَتَسْبِيحَهُ ۗ وَاللَّهُ عَلِيمٌ بِمَا يَفْعَلُونَ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද තටු විහිදුවා ගත් පක්ෂීන් ද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ව සුවිශුද්ධ කරන වග නුඹ නොදුටුවෙහිද? ඔහුගේ නැමදුම හා ඔහු සුවිශුද්ධ කිරීම සම්බන්ධයෙන් සෑම කෙනෙකුම දනී. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
තෆ්සීර්
අහෝ දූතය! සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් අතරින් අහස්හි ඇති දෑ ඔහු ව සුවිශුද්ධ කරන බවත් මහපොළොවේ ඇති දෑ ද ඔහු ව සුවිශුද්ධ කරන බවත් ආකාශයේ පියාපත් විහිදුවා පියාසර කරන පක්ෂීන් ද ඔහු ව සුවිශුද්ධ කරන බවත් නුඹ නොදන්නෙහි ද? ඒ සෑම මැවීමක් අතරින්ම මිනිසා මෙන් ඔහුට නැමදුම් කරන අයගේ නැමදුම පිළිබඳව ද පක්ෂීන් මෙන් සුවිශුද්ධ කරන දෑහි සුවිශුද්ධ කිරීම ද අල්ලාහ් දනී. ඔවුන් සිදු කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න