සූරා 24 · ජුස් 18

An-Nur · 24:40

أَوْ كَظُلُمَاتٍ فِي بَحْرٍ لُجِّيٍّ يَغْشَاهُ مَوْجٌ مِنْ فَوْقِهِ مَوْجٌ مِنْ فَوْقِهِ سَحَابٌ ۚ ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَاهَا ۗ وَمَنْ لَمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِنْ نُورٍ

එසේ නැතහොත් ගැඹුරු මුහුදෙහි පවතින අන්ධකාරයන් මෙනි. ඊට ඉහළින් රළක් එය ආවරණය කරයි. ඊට ඉහළින් තවත් රළකි. ඊට ඉහළින් වලාකුලකි. අන්ධකාරයන් ඒවායෙහි සමහරක් සමහරකට ඉහළින් පවතී. ඔහු තම අත බැහැර කළ ද ඔහුට එය දැක ගත නොහැකි වෙයි. තවද අල්ලාහ් කවරෙකුට ආලෝකය ඇති නොකරන්නේ ද එවිට කිසිදු ආලෝකයක් ඔහුට නොමැත.

තෆ්සීර්

එසේ නැතහොත් ගැඹුරු මුහුදේ අන්ධකාරයන් මෙනි, රළ පහර ඊට උඩින් පවතී. එම රළ පහළට ඉහළින් තවත් රළ පහරය. ඊටත් උඩින් මඟ පෙන්වන තාරකාවන් වැසී ඇති වළාකුලකි. එකින් උඩ එක බැඳුණු අන්ධකාරයන්ය. එම අන්ධකාරයෙහි වැටුණු අයෙකු ඔහුගේ අත බැහැරට ගත්ත ද දැඩි අන්ධකාරය හේතුවෙන් එය දකින්නට ඔහු සමත් වන්නේ නැත. දේව ප්රතික්ෂේපකයා ද එලෙසමය. අඥානකම, සැකය, ව්යාකූලත්වය ඔහුගේ හදවත මත පවතින මුද්රාව වැනි අන්ධකාරයන් ඔහු මත එකිනෙක ඇමිණී පවතී. අල්ලාහ් කවරෙකුට නොමගින් යහමග හා ඔහුගේ පුස්තකයේ දැනුම ප්රදානය නොකළේ ද ඔහුට මඟපෙන්වන වෙනත් කිසිදු යහමගක් ඔහුට නොවන අතරමට අලෝකය සෙවිය හැකි පුස්තකයක් ද නොවනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න