සූරා 24 · ජුස් 18

An-Nur · 24:39

وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاءً حَتَّىٰ إِذَا جَاءَهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِنْدَهُ فَوَفَّاهُ حِسَابَهُ ۗ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ

දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති මිරිඟුවකට සමානය. පිපාසිතයා එය ජලය යැයි සිතයි. නමුත් ඔහු එහි පැමිණි විට ඔහු එය කිසිවක් ලෙස නොදකිනු ඇත. තවද ඔහු එහි අල්ලාහ් ව දකියි. ඔහුගේ විනිශ්චය අල්ලාහ් සම්පූර්ණ කළේය. තවද අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

තෆ්සීර්

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන් සිදු කළ ඔවුන්ගේ ක්රියාවන් සඳහා කිසිදු කුසලක් නැත. එය පහත් පොළොවෙහි පවතින මිරිඟුවකට සමානය. පිපාසිතයා එය දැක එය ජලය යැයි සිතයි. ඒ වෙත පැමිණෙන තෙක් ඔහු ගමන් කර එහි නතර වෙයි. නමුත් ඔහු ජලය නොලබයි. දේව ප්රතික්ෂේපකයා ද එලෙසය. සැබැවින්ම ඔහු මරණයට පත්ව යළි අවදි කරනු ලබන තෙක් ඔහුගේ ක්රියාවන් ඔහුට සෙත සලසනු ඇතැයි සිතයි. නමුත් එහි කුසල් ඔහු හිමි කර ගන්නේ නැත. ඔහු ඉදිරියේ ඔහුගේ පරමාධිපති දැක ගනී. ඔහුගේ ක්රියාවන්හි සම්පූර්ණ විනිශ්චය පූර්ණවත් කරයි. අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න