සූරා 24 · ජුස් 18

An-Nur · 24:38

لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُمْ مِنْ فَضْلِهِ ۗ وَاللَّهُ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ

එය ඔවුන් සිදු කළ වඩාත් අලංකාර දෑ සඳහා අල්ලාහ් ප්‍රතිඵල පිරිනැමීම පිණිසත් ඔහුගේ අනුග්‍රහය තුළින් ඔවුනට අධික කරනු පිණිසත්ය. තවද අල්ලාහ් අභිමත කරන අයට ගණනයකින් තොරව පෝෂණය කරයි.

තෆ්සීර්

ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔවුන් කළ දෑට වඩා යහපත් තිළිණ අල්ලාහ් ඔවුනට පිරිනැමීම උදෙසාත් ඒ සඳහා ලැබෙන ප්රතිඵල ඔහුගේ භාග්යයෙන් ඔවුනට වර්ධනය කිරීම උදෙසාත් ඔවුහු එසේ ඉටු කළෝය. අල්ලාහ් අභිමත කරන්නන් හට ඔවුන්ගේ ක්රියාවන්හි ප්රමාණයට වඩා අධික සම්පත් කිසිදු ගණනයකින් තොරව පිරිනමනු ඇත. එය ඔවුන් කළ ක්රියාවන් ගුණ කරමින් ඔවුනට ඔහු පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න