සූරා 24 · ජුස් 18
An-Nur · 24:37
رِجَالٌ لَا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَنْ ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ ۙ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ
අල්ලාහ් මෙනෙහි කිරීමෙන් ද සලාතය විධිමත් ව ඉටු කිරීමෙන් ද සකාත් පිරිනැමීමෙන් ද (තම) ව්යාපාරය හෝ ගනු දෙනුව හෝ ඔවුන් වෙනතකට යොමු නොකළ මිනිසුන්ය (උදේ සවස සුවිශුද්ධ කරනුයේ). එහි හදවත් හා දෘෂ්ටීන් පෙරළෙන දිනයකට ඔවුහු බිය වෙති.
තෆ්සීර්
මිනිසුන් පිරිසකි. ඔවුන් ශුවිශුද්ධයාණන් වන අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හෝ සලාතය පූර්ණ අයුරින් විධිමත්ව ඉටු කිරීමෙන් හෝ සකාතය එයට අදාළ ස්ථාන වෙත පිරිනැමීමෙන් හෝ ඔවුන්ගේ ව්යාපාරික ගනුදෙනු ඔවුන් වෙනතකට යොමු නොකළ පිරිසකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන ඔවුහු බියවෙති. දඬුවමින් මිදීමේ ආශාව හා ඒ ගැන වූ බිය අතර හදවත් දෝළනය වෙමින් පවතින; එහිදී කුමන දිශාවකට බැල්ම හෙළිය යුතු දැයි පෙරළෙමින් පවතින දිනයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න