සූරා 24 · ජුස් 18
The Light Verse · An-Nur 24:35
۞ اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ ۖ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ ۖ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبَارَكَةٍ زَيْتُونَةٍ لَا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ ۚ نُورٌ عَلَىٰ نُورٍ ۗ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشَاءُ ۚ وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ආලෝකයයි. ඔහුගේ ආලෝකයට උපමාව පහනක් ඇති කුහරයක් මෙනි. එම පහන පළිඟුවක් තුළය. එම පළිඟු ව බැබළෙන තරුවක් මෙනි. අභිවෘද්ධිමත් ඔලිව් ගසින් දවාලනු ලබන්නකි. එය නැගෙනහිර දෙසට හෝ බටහිර දෙසට හෝ අයත් නැත. ගින්න එ(ම ආලෝක)ය ස්පර්ශ නොකළ ද එය ආලෝකමත් කරයි. ආලෝකය මත ආලෝකයයි. අල්ලාහ් අභිමත කරන අයට එම ආලෝකය වෙතට මග පෙන්වයි. ජනයාට මෙම උපමාවන් අල්ලාහ් ගෙන හැර පාන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය.
තෆ්සීර්
අහස් හි හා මහපොළොවේ ආලෝකය අල්ලාහ්ය. ඒ දෙකෙහි සිටින්නන්හට මඟ පෙන්වන්නාය. දේව විශ්වාසියකුගේ හදවත තුළ සුවිශුද්ධයාණන් වන ඔහුගේ ආලෝකය ජනේලයක් නැති බිත්තියක කවුලුවක් මෙනි. එහි පහනක් පවතී. පහන දිළිසෙන පළිඟුවක් තුළය. එය මුතු මෙන් අලෝකය ගෙන දෙන තාරකාවක් මෙනි. එම පහන ආශිර්වාද ලත් ගසක තෙලින් දල්වන ලැබේ. එය ඔලිව් ගසයි. උදෑසන හෝ සන්ද්යා කාලයේ කිසිවක් එම ගස හිරුගෙන් ආවරණය නොකරනු ඇත. එහි තෙලෙහි පිරිසිදුභාවය හේතුවෙන් එයට ගින්දර ස්පර්ශ නොවූව ද එය බැබලෙන්නට බලති. එසේ නම් එය ස්පර්ශවූ විට කෙසේ නම් වේවිද? පහනේ අලෝකය පලිඟුවේ ආලෝකය මතය. දේව විශ්වාසියාගේ හදවත හිදායත් හෙවත් යහමාර්ගයේ ආලෝකය දැල්වෙන විට එලෙස පවතී. අල්ලාහ් තම ගැත්තන් අතරින් අභිමත කරන්නන් හට අල් කුර්ආනය අනුගමනය කිරීම සඳහා ආශිර්වාද කරනු ඇත. උදාහරණ දක්වමින් උපමා කරමින් අල්ලාහ් කරුණු පැහැදිලි කරයි. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න