සූරා 24 · ජුස් 18

An-Nur · 24:34

وَلَقَدْ أَنْزَلْنَا إِلَيْكُمْ آيَاتٍ مُبَيِّنَاتٍ وَمَثَلًا مِنَ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِكُمْ وَمَوْعِظَةً لِلْمُتَّقِينَ

තවද සැබැවින්ම අපි නුඹලා වෙත පැහැදිලි කරන්නා වූ වදන් ද නුඹලාට පෙර ඉකුත් ව ගියවුන් පිළිබඳ උපමා ද බිය බැතිමතුන්හට උපදෙස් ද පහළ කළෙමු.

තෆ්සීර්

අහෝ ජනයිනි! සැබැවින්ම අපි නුඹලා වෙත ව්යාජ දැයින් සත්ය දෑ වෙන් කර දක්වන පැහැදිළි වදන් පහළ කර ඇත්තෙමු. තවද, නුඹලාට පෙර ඉකුත්ව ගිය දේවත්වය විශ්වාස කළවුන් හා දේවත්වය ප්රතික්ෂේප කළවුන් ගැන වූ උදාහරණ ද නුඹලා වෙත පහළ කර ඇත්තෙමු. එමෙන්ම තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන් එමගින් උපදෙස් ලබනු පිණිස උපදෙසක් ද අපි නුඹලා වෙත පහළ කර ඇත්තෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න