සූරා 24 · ජුස් 18

An-Nur · 24:33

وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغْنِيَهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا ۖ وَآتُوهُمْ مِنْ مَالِ اللَّهِ الَّذِي آتَاكُمْ ۚ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا ۚ وَمَنْ يُكْرِهْهُنَّ فَإِنَّ اللَّهَ مِنْ بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَحِيمٌ

විවාහය සඳහා (යමක්) නොලබන්නන් අල්ලාහ් ඔහුගේ අනුග්‍රහයෙන් ඔවුන් පොහොසත් කරවන තෙක් පතිවත රැකිය යුතුය. නුඹලාගේ දකුණත් හිමිකරගත් (වහල්) අය අතුරින් (නිදහස්භාවය) ලියන්නට අපේක්ෂා කරන්නන්ට ඔවුන් අතර යහපත ඇතැයි දන්නෙහු නම් ඔවුනට නුඹලා (නිදහස්භාවය) ලියා දෙනු. නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ ධනයෙන් නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා මෙලොව ජීවිතයේ සම්පත සොයනු පිණිස පතිවත රකින්නට සිතූ වහල් තරුණියන් අපචාරය වෙත බල නොකරනු. තවද කවරෙකු ඔවුනට බල කරන්නේ නම් එසේ ඔවුනට බල කිරීමෙන් පසු ව ද නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලී මහාකරුණාන්විතය.

තෆ්සීර්

දිළිඳුභාවය හේතුවෙන් විවාහ වීමට නොහැකි උදවිය, අල්ලාහ් ඔහුගේ මහත් භාග්යයෙන් ඔවුන් පොහොසත් කරන තෙක් කාමයේ වරදවා හැසිරීමෙන් ඈත් වී නිර්මලව සිටිය යුතුය. මුදල් ගෙවා වහල්බවින් නිදහස් වීමට තම හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නන් වනාහි, ඔවුන් දහම තුළ කටයුතු කිරීමට හා දැහැමි ලෙස ක්රියා කිරීමට ඔවුන් තුළ හැකියාව ඇති බව දන්නේ නම් ඔවුන්ගෙන් එම ඉල්ලීම පිළිගැනීම ඔවුන්ගේ හිමිකරුවන් වෙත පැවරේ. එමෙන්ම ඔවුන් නිදහස් කිරීම සඳහා නියම කරන ලද මුදලින් කොටසක් ඔවුන්ගෙන් ඉවත් කර අල්ලාහ් ඔවුනට ලබා දුන් ධනයෙන් ඔවුනට පිරිනැමිය යුතුය. - අබ්දුල්ලාහ් ඉබ්නු උබෙයි තම වහලියන් දෙදෙනා පතිවත ආරක්ෂා කිරීමටත් දුරාචාරයෙන් දුරස් වීමටත් ඔහුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කටයුතු කළාක් මෙන් - ධන සම්පත් සොයමින් කාමයේ වරදවා හැසිරීම සඳහා නුඹලා අතර සිටින අවිවාහක තරුණියන් ඔවුන්ගේ රහස්ය අවයව තුළින් උපයන මුදල් සෙවීම සඳහා ඔවුනට බල නොකරනු. නුඹලා අතරින් කවරෙකු ඒ සඳහා එම තරුණියන්ට බල කරන්නේ ද එසේ බල කිරීමෙන් පසු එම තරුණියන්ගේ පාපකම් සඳහා සැබැවින්ම අල්ලාහ් ඔවුනට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය. එය සැබැවින්ම ඔවුන් බලහත්කාරයට ලක්වූවන් බැවිණි. පාපය ළඟා වනුයේ ඔවුන් බල කළ තැනැත්තන් හටය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න