සූරා 24 · ජුස් 18
An-Nur · 24:32
وَأَنْكِحُوا الْأَيَامَىٰ مِنْكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ ۚ إِنْ يَكُونُوا فُقَرَاءَ يُغْنِهِمُ اللَّهُ مِنْ فَضْلِهِ ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ
තවද නුඹලා අතුරින් අවිවාහකයින්ට සහ නුඹලාගේ වහලුන් හා නුඹලාගේ වහලියන් අතුරින් දැහැමියන්ට නුඹලා විවාහ කර දෙනු. ඔවුන් දිළිඳුන් නම් අල්ලාහ් තම භාග්යයෙන් ඔවුන් පොහොසත් කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ව්යාපකය. සර්ව ඥානීය.
තෆ්සීර්
අහෝ දේව විශ්වාසී ජනයිනි! බිරියන් නොමැති අවිවාහක පිරිමින් හා ස්වාමිපුරුෂයන් නොමැති නිදහස් කාන්තාවන් විවාහ කර දෙනු. නුඹලාගේ වහලුන් හා වහලියන් අතරින් දේව විශ්වාසීන්ද විවාහ කරන දෙනු. ඔවුන් දිළිඳුන් වී නම් අල්ලාහ්ගේ විශාල භාග්යයෙන් අල්ලාහ් ඔවුන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් පෝෂණ සම්පත් ව්යාප්ත කරන්නාය. ඔහු කිසිවෙකු පොහොසත් කිරීම තුළින් ඔහුගේ පෝෂණ සම්පත්වල හිඟයක් ඇති වන්නේ නැත. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබද ඔහු සර්වඥානීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න