සූරා 24 · ජුස් 18
An-Nur · 24:31
وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَىٰ عَوْرَاتِ النِّسَاءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ ۚ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
දෙවියන් කෙරෙහි විශ්වාස තැබූ කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද ඔවුන්ගේ ලිංගේන්ද්රියන් ආරක්ෂා කරන මෙන්ද ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නොකරන මෙන් ද ඔවුන්ගේ ළැම පැති මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දකුණත් හිමිකරගත් අයට හෝ පිරිමින් අතුරින් කාමාශාවකින් තොර ව උපස්ථාන කරන්නන්ට හෝ ස්ත්රීන්ගේ රහස්ය පෙදෙස් ගැන (කාමාශාවක්) මතු නොවන දරුවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නොකළ යුතුය. තවද ඔවුන්ගේ අලංකාරයෙන් ඔවුන් සඟවන දෑ දන්වා සිටිනු පිණිස ඔවුන්ගේ පාද නොගැසිය (තට්ටු නොකළ) යුතුය. තවද අහෝ දෙවියන් කෙරෙහි විශ්වාස තැබූවනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු.
තෆ්සීර්
අහෝ දූතය! දේව විශ්වාසී කාන්තාවන්හට, 'රහස්ය පෙදෙස් අතරින් බැල්ම හෙළීමට ඔවුනට අනුමත නොවන දෑ වෙත බැල්ම හෙළීමෙන් ඔවුන්ගේ බැල්ම වළක්වා ගන්නා මෙන් ද, ඔවුන්ගේ ලිංගේන්ද්රියන් දුරාචාරයෙන් දුරස් කිරීමෙන් හා අවරණය කිරීමෙන් ආරක්ෂා කරන මෙන් ද, ඇඳ සිටින වස්ත්රය වැනි සැඟවීමට නොහැකි මතු පිටින් පෙනෙන දෑ හැර පිටස්තරයින්ට ඔවුන්ගේ අලංකාරය ප්රදර්ශනය නොකරන මෙන් ද, ඔවුන්ගේ සළුවෙන් ඔවුන්ගේ වස්ත්රවලට ඉහළින් විවෘතව පවතින දෑ මත ඔවුන්ගේ හිසකෙස් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ගෙලවල් ආවරණය වන පරිදි වසා ගන්නා මෙන් ද ඔවුන්ගේ රහස්ය අලංකාරයන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන් ඔවුන්ගේ සහෝදරයන් ඔවුන්ගේ සහෝදරයන්ගේ පුතුන්, ඔවුන්ගේ සහෝදරයින්ගේ පුතුන්, මුස්ලිම්වරුන් වුවද මුස්ලිම් නොවන්නන් වුව ද ඔවුන් අතර වූ විශ්වසනීය කාන්තාවන් ඔවුන් සතු කරගත් පිරිමි හෝ කාන්තා වහලුන්, කාන්තාවන් සම්බන්ධයෙන් කිසිදු හැඟීමක් හෝ අරමුණක් නැති අනුගමනය කරන්නන්. කුඩා අවදිය හේතුවෙන් කාන්තාවන්ගෙන් රහස්ය පෙදෙස් වෙත එබී නොලබන දරුවන් යනාදී අය වෙත මිස වෙනත් කිසිවකුට ප්රදර්ශනය නොකරන මෙන් ද ඔවුන් සඟවමින් සිටින ඔවුන්ගේ අලංකාරය හඳුන්වා දීමේ අටියෙන් පාද සලම් හා එයට සමාන දෑ තුළින් ඔවුන්ගේ පාද නොසැලිය යුතු මෙන් ද නුඹ පවසනු. අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා පතන දෑ ලබා එයින් ජය ලැබීමේ හා බියවන දැයින් මිදීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව නුඹලාගේ බැල්ම හෙළීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් නුඹලාට අත් වූ පාපය සඳහා නුඹලා සියලු දෙනා අල්ලාහ් වෙත පාපක්ෂමාවේ නිරත වී ඔහු වෙත යොමු වනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න
ඔබේ භාෂාවෙන් තෆ්සීර්
අරාබි තෆ්සීර්