සූරා 24 · ජුස් 18
An-Nur · 24:30
قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ
දෙවියන් ගැන විශ්වාස කරන පුරුෂයින්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන්ද ඔවුන්ගේ ලිංගේන්ද්රියන් ආරක්ෂා කරන මෙන් ද නුඹ පවසනු. එය ඔවුනට වඩාත් පිවිතුරු වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
තෆ්සීර්
අහෝ දූතය! ඔවුනට අනුමත නොවන කාන්තාවන් දෙස හා රහසඟ දෙස බැලීමෙන් ඔවුන්ගේ බැල්ම ඔවුන් ආරක්ෂා කරන මෙන් ද තහනම් කරන ලද කරුණක වැටීමෙන් හා රහස්ය පෙදෙස් නිරාවරණය කිරීමෙන් ආරක්ෂා කරන මෙන් ද ඔවුනට පවසනු. එසේ අල්ලාහ් තහනම් කළ දෑ දෙස බැල්ම හෙළීමෙන් වැළකී සිටීමත් ලිංගේන්ද්රියන් ආරක්ෂා කර ගැනීමත් ඔහු අබියස ඔවුනට වඩාත් පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න