සූරා 24 · ජුස් 18

An-Nur · 24:29

لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَنْ تَدْخُلُوا بُيُوتًا غَيْرَ مَسْكُونَةٍ فِيهَا مَتَاعٌ لَكُمْ ۚ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ

නුඹලාට අවශ්‍යතා ඇති එහි කිසිවකු වාසය නොකරන නිවෙස් වලට නුඹලා ඇතුළු වීම නුඹලා කෙරෙහි වරදක් නොවේ. තවද නුඹලා හෙළි කරන දෑ ද නුඹලා වසන් කරන දෑ ද අල්ලාහ් දනියි.

තෆ්සීර්

වෙළඳපොළේ පුස්තකාල හා සාප්පු වැනි කිසිවෙකුට විශේෂිත නොවූ පොදු ප්රයෝජන සඳහා සූදානම් කර ඇති පොදු ස්ථානයකට අවසරයෙන් තොරව නුඹලා පිවිසීමෙහි නුඹලාට වරදක් නැත. නුඹලා හෙළි කරන නුඹලාගේ ක්රියාවන් හා නුඹලාගේ තත්ත්වයන් ද ඉන් සඟවන දෑ ද අල්ලාහ් දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න