සූරා 24 · ජුස් 18
An-Nur · 24:28
فَإِنْ لَمْ تَجِدُوا فِيهَا أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّىٰ يُؤْذَنَ لَكُمْ ۖ وَإِنْ قِيلَ لَكُمُ ارْجِعُوا فَارْجِعُوا ۖ هُوَ أَزْكَىٰ لَكُمْ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ
එහි කිසිවකු හෝ නුඹලා නොදුටුවේ නම් නුඹලාට අවසර දෙනු ලබන තෙක් එහි නුඹලා ඇතුළු නොවනු. නුඹලා හැරී යනු. යැයි නුඹලාට කියනු ලැබුවේ නම් එවිට නුඹලා හැරී යනු. එය නුඹලාට වඩාත් පිවිතුරුය. තවද නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානීය.
තෆ්සීර්
නුඹලාට එම නිවෙස් තුළ කිසිවෙකු දැක ගත නොහැකි වී නම් නිවසට ඇතුලු වීමට අවසර දීමේ අයිතිය ඇත්තන්ගෙන් කෙනෙකු අවසර දෙන තුරු නුඹලා එහි නොපිවිසෙනු. එහි හිමිකරුවන් නුඹලාට නැවත හැරී යන්නැයි පවසා සිටියේ නම් එහි නොපිවිස හැරී යනු. සැබැවින්ම අල්ලාහ් අබියස එය නුඹලාට වඩාත් පිවිතුරුය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානීය. නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න